හලාවතටත් නිරෝධායන මධ්‍යස්ථානයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

හලාවතටත් නිරෝධායන මධ්‍යස්ථානයක්

හලාවතටත් නිරෝධායන මධ්‍යස්ථානයක්

කොරෝනා රෝගින් බවට සැක කෙරෙන් රෝගින් හදුනා ගැනීමට හා ප්‍රතිකාර ලබා දිමට හලාවත නගරය තුළ  නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කිරිමට හලාවත දිස්ත්‍රික් මහ රෝලේ අධිකාරී  හා හලාවත නගර සභාව අතර පැවැති සාකච්ඡාවකින් පසු තීරණය කර තිබේ.

 

හලාවත රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගින් අතරින් කොරෝනා රොගීන් බවට සැක කෙරෙන රෝගින් හත් දෙනෙකු පසුගිය සතියේ දි දිවයිනේ වෙනත් රෝහල් කරා පරික්ෂණ සදහා යවනු ලැබු අතර මෙම තත්ත්වය රෝගින්ටත් රෝහල් කාර්ය මණ්ඩලයටත් වෙහෙසකර වීම හේතුවෙන්  හලාවත රෝහල තුළම නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාමේ වැදගත්කම මතුවිම නිසා මෙම තීරණය ගෙන තිබේ.

 

මෙම මධ්‍යස්ථානයක් රෝහල් සංකීරණය තුළ ආරම්භ කිරිමට පහසුකම් නොතිබු බැවින් හලාවත  රෝහල ඉදිරිපිට හරේන්ද්‍ර කොරයා ක්‍රිඩාංගණය තුළ ඇති ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථාන ගොඩ නැගිල්ල යොදා ගැනීඹටත් මෙහිදි තීරණය කෙරුණි.

 

 රෝගින් 16 දෙනෙකුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දිමේ පහසුකම් ඇති  බවත්  රෝගින් හා වෛද්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය සනීපාරක්ෂ පහසුකම් ලබා දිමේ කාර්ය නගර සභාව විසින් කටයුතු කරන  බවත් නගර සබා ලේකම් කේ.පී.චන්දන කුමාර මහතා කිය.

views

680 Views

Comments

arrow-up