නාත්තන්ඩියේදී ලොරි රථ මාරයා අම්මා සහ දියණිය බිලිගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

නාත්තන්ඩියේදී ලොරි රථ මාරයා අම්මා සහ දියණිය බිලිගනී

නාත්තන්ඩියේදී ලොරි රථ මාරයා අම්මා සහ දියණිය බිලිගනී

නාත්තන්ඩිය කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ උඩුබද්දාව ප්‍රදේශයේ සිට මාරවිල දක්වා ගමන්ගත් කුඩා ලොරි රථයක යතුරුපැදියක් ගැටිමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. 

 

මිය ගොස් ඇත්තේ යතුරු පැදියේ ගමන් ගත් එකම පවුලේ මවක් සහ ඇගේ දියණියයි. නාත්තන්ඩිය ප්‍රදේශයේ පැවති උපකාරක පන්තියක් සහභාගි වී නිවස බලා යමින් සිටියදියි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ. ලොරි රථයේ රියදුරු පොලිස් භාරයට ගැනුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

 

හැටන් සිට නල්ලතන්නිය දක්වා ශ්‍රී පාද වන්දනාකරුවන් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක ගැටිමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබු සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

 

ඔහුගේ තත්ත්වය බරපතළ නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. අපරික්ෂාකාරි ලෙස මාර්ගය හරහා මාරුවීමට උත්සාහ දැරිමේදී මෙම අනතුරුව සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

views

717 Views

Comments

arrow-up