ලේ දන් දුන් පිරිසකටත් කොරෝනා

ගම්පහ මෝරුපොල ප්‍රදේශයේ පසුගිය තුන් වන දා ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වා ඇති අතර එහිදී ලේ පරිත්‍යාග කළ කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බවත් එම රුධිරය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුබසිංහ මහතා පවසනවා.
එම ආසාදිතයින් අතර එකම පවුලේ තිදෙනෙකු සහ තවත් අයෙක් සිටින බවයි වාර්තා වන්නේ.
ඔවුන්ගේ ආශ්‍රිතයින් වන ප්‍රදේශයේ තවත් පවුල් 19ක සාමාජිකයින් 100 දෙනකු පමණ නිරෝධායනයට ලක් කර තිබෙනවා. මෙම ලේ දන්දීමේ වැඩසටහන සම්බන්ධයෙන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පෙර දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවයි පැවසෙන්නේ.
601 Views
Comments