සමථ මණ්ඩලවල පැමිණිලි විභාගය අද සිට යළිත් ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

සමථ මණ්ඩලවල පැමිණිලි විභාගය අද සිට යළිත් ඇරඹේ

සමථ මණ්ඩලවල පැමිණිලි විභාගය අද සිට යළිත් ඇරඹේ

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබුණු දිවයින පුරා පිහිටි සමථ මණ්ඩලවල කටයුතු ද සිට යළි අරඹන බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

 

කොරෝනා වසංගතයේ දෙවන රැල්ල ලෙස හඳුන්වන පසුගිය ඔක්තෝබර් මුල සිට පැවති තත්වය හේතුවෙන් සැප්තැම්බර් මස සමථ මණ්ඩලවල පැමිණිලි විභාග කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

 

මේ වන විට පවතින තත්වය සලකා බලා අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල සෞඛ්‍ය අංශය නිර්දේශ කරන ක්‍රමවේදයන්ට අනුකූලව සමථ මණ්ඩලවල කටයුතු අරඹන බවයි සමථ මණ්ඩල කොමිෂන් සභාව සඳහන් කළේ.

views

608 Views

Comments

arrow-up