දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩිකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
මේ දක්වා විසඳී නොමැති ගැටලු කිහිපයකට කඩිනමින් විසඳුම් ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ.
“අද දින රාත්‍රී 12.00ට අපි වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමු වෙන්නට තීරණය කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින්. මේකෙ මූලික කරුණ වෙලා තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති සේවක හිඟය දැඩිව බලපාලා තියෙනවා. දෙපාර්තමේන්තුව මෙහෙම පුරප්පාඩු ගොන්නක් මැද්දේ සිටිනවා නම් තව මාස දෙකක් ඇතුළ මේක කඩා වැටෙනවා.“
896 Views
Comments