පාස්කු දින ප්‍රහාරයේ තේරිම් කාරක සභාවේ වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව හෙට (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව, කමිටු සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා.
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට මැයි මස 22 වැනිදා, කතානායක කරූ ජයසූරිය මහතා විසින් මෙම කාරක සභාව පත්කරන ලදී.
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව පාර්ශව රැසකින් සාක්ෂි සටහන් කර ගැනීම මෙහිදී සිදුවූ අතර ඇතැම් සාක්ෂි විමසීම් මාධ්‍යට විවෘත කිරීමට ද කටයුතු යොදා තිබිණි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන් ද මෙහිදී සාක්ෂි ලබාදීම සිදුකළේ ය.
පාස්කු දින ප්‍රහාරයට මාස 6ක් සපිරුනේ ඊයේ (21)දිනයේදියි
622 Views
Comments