සත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීතිසංශෝධනයට පියවර - සී.බී රත්නායක
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

සත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීතිසංශෝධනයට පියවර - සී.බී රත්නායක

සත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීතිසංශෝධනයට පියවර  - සී.බී රත්නායක

අසාධාරණ ලෙස සිදුවන සත්ව ඝාතනය නැවැත්වීම සඳහා දණ්ඩ නීති සංහ්‍රහය කඩිනමින් සංශෝධනයට පියවර ගන්නා බව වනජීවී හා වන සං‍රක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා ඊයේ (03) පැවසීය.

 

ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා වනජීවී හා වන සං‍රක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.

 

වර්තමානයේ දී සත්ව ඝාතනය පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බවත්, සත්ව ඝාතකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ජයන්ත වීරසිංහ මහතා කාරක සභාවේ දී අවධාරණය කළේය.

 

ව්‍යවස්ථාදායක කාර්‍ය පාර්ලිමේන්තුවට පැවරී ඇති බැවින් , සත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංහ්‍රහය සංශෝධනය කිරීම කඩිනමින් සිදු කල හැකි බව ද අමාත්‍ය සී.බී රත්නායක මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

 

හීලෑ අලි ඇතුන් නියාමනයට කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය බව ද වනජීවී හා වන සං‍රක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී සාකච්ජා වූ අතර, ඒ සඳහා අදාළ අණ පනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

 

 

 

views

631 Views

Comments

arrow-up