ඇහැළියගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවක 43කට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

ඇහැළියගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවක 43කට කොරෝනා

ඇහැළියගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවක 43කට කොරෝනා

ඇහැළියගොඩ, දියුරුම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් 19 ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගැනීමෙන් සිදුකරන ලද PCR පරීක්ෂණ වලදී එම කර්මාන්ත ශාලාවේ තවත් 44 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

 

මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1200ක් පමණ පිරිසක් සේවය කරන අතර ඔවුන්ව පසුගියදා නිරෝධායන සඳහා යොමු කර තිබුණි.

 

කර්මාන්ත ශාලාවෙන් මේ වනවිට හඳුනගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 51ක්.

 

කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පිරිස ඇහැළියගොඩ, කුරුවිට, වේයන්ගොඩ, දෙහිඕවිට, අවිස්සාවේල්ල, යටියන්තොට, රත්නපුර, පාදුක්ක, බෝකුන්දර, කොස්ගම, හෝමාගම, කරවනැල්ල ආදී ප්‍රදේශවල නිවෙස් නිරෝධායනය වෙමින් සිටි පිරිසක්.

 

කොවිඩ් -19 ආසාදිත මෙම රෝගීන් සියලුදෙනා කහවත්ත සහ ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙන අතර තවත් පිරිසකගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමට නියමිතයි.

 

views

588 Views

Comments

arrow-up