නියෝමාල්ට එරෙහිව මාධ්‍යවේදියෙකු ගෙන් පැමිණිල්ලක්

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් තමන්ට අමානුශික ආකාරයෙන් සැළකු බවට චෝදනා කරමින් ජයාරූප මාධ්‍යවේදියෙකු විසින් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.
පැමිණිලිකාර මාධ්‍යවේදියා පවසන්නේ තමා නඩු විභාගයන් ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ‍්‍රය තුළ රැඳී සිටි අවස්ථාවේ ජයාරූපය ගනිමින් සිටි තමන්ව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙත රැගෙන ගිය බවයි.
774 Views
Comments