සී.අයි.ඩීය හිටපු අගමැතිගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

සී.අයි.ඩීය හිටපු අගමැතිගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

සී.අයි.ඩීය හිටපු අගමැතිගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද  (03) පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මූලස්ථාන කියයි.

 

ඊයේ   පස්වරු 3.40 ට  මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කළ  අතර  පස්වරු 7.30 ට අවසන් ව තිබුණි.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් සිව්දෙනෙක් අද පස්වරු 3.30 ට පමණ කොළඹ 03, පස්වන පටුමගේ  පිහිටි   රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට පැමිණි  සිටියහ.

 

නිලධාරිණියකගෙන් සමන්විත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පොලිස් කණ්ඩායම  ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය පරිගණයක් ඇතුලු උපකරණ සහ ලිපි ගොනු  රැසක්  රැගෙනවිත් තිබිණි.

 

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතාගෙන් සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ දැනුම් දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි ගොස් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබිණි.

 

 

 

views

723 Views

Comments

arrow-up