ස්විස් නිලධාරිනිය ලබන 30 දක්වා රිමාන්ඩ්

පැහැරගැනීමකට ලක්වූ බවට අසත්‍ය තොරතුරු ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනිය දෙසැම්බර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර සිටියා.
මෙම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගනු ලැබුවේ රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා අනුවයි.
තමන්ව පැහැරගත් බවට චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් සතියේ දින කිහිපයකදීම දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.
එමෙන්ම අධිකරණ නියෝග අනුව ඇය අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමු කර එහිදී විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ද ලක් කරනු ලැබුවා.
670 Views
Comments