තැන් දෙකකදී එකම දුම්රියට ජීවිත දෙකක් බිලිවෙයි

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් රාගම ප්‍රදේශයේ ස්ථාන දෙකකදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
රාගම දුම්රිය හරස් මාර්ගයේදී සහ රාගම තුඩුවෙගෙදර ප්‍රදේශයේදී මෙම අනතුරු දෙක සිදුවී ඇති බව වාර්තා වෙයි.
අද (30) උදෑසන 8:45ට පමණ රාගම දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටුව වසා තිබියදී ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කළ 24 හැවිරිදි තරුණයෙකු දුම්රියේ ගැටී මියගොස් තිබුණි.
මියගොස් ඇත්තේ රාගම විහාර මාවතේ පදිංචි තරුණයෙකු බව සඳහන් ය.
අනතුරින් පසු යළි කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ එම දුම්රියට පැන රාගම තුඩුවෙගෙදර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබේ.
මියගොස් ඇත්තේ අවුරුදු 50ක පමණ වයසැති පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.
268 Views
Comments