ඇල්පිටියේ ඇළකින් නාදුනන මළසිරුරක් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

ඇල්පිටියේ ඇළකින් නාදුනන මළසිරුරක් හමුවෙයි

ඇල්පිටියේ ඇළකින් නාදුනන මළසිරුරක් හමුවෙයි

ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පිටවාන් ඇළක තිබි ඉතා අභිරහස් අයුරින් මිය ගොස් තිබූ නාදුන පිරිමි මළසිරුරක් අද(23) උදේ සොයා ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.

 

මේ මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී එය අදුනා ගැනීමට අපහසු වන ලෙස ඉදිමී නරක්වී තිබූ බව ද පොලීසිය කියයි.

 

මෙය ඝාතනයක් ද නොඑසේනම් සිය දිවි නසා ගැනීමක් ද වෙනත් අනතුරකින් මිය ගියේදැයි යන්න සොයා බැලීමට පරීක්ෂණ කරන බව ද පොලීසිය කියයි.

 

ඇල්පිටිය පොලීසිය මේ සමබන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

238 Views

Comments

arrow-up