ජන්දය දාන්න පෑනක් ගෙදරින් ගෙන්න - මැකෝ

ඉදිරි මහ මැතිවරණයේදී ජන්දය භාවිතා කිරිමට පැමිණෙන ජන්ද දායකයින්ට නිල් හෝ කලු පැහැති බෝල් පොයින්ට් වර්ගයේ පෑනක් රැගෙන ඒම අනිවාර්ය වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.
මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන්ට අනුව ජන්දය ලකුණු කිරිමේදී ජන්ද පත්‍රිකාව පරික්ෂා කිරිම, අනන්‍යතා සහතික පත ඉදිරිපත් කිරිම ආදි කටයුතු වලදී ජන්ද දායකයා සහ ජන්ද පොළ නිලධාරීන්ට අදාළ ලියවිලි අතට නොදීම සිදුකිරිමට බලාපොරොත්තු වන බවද මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියා.
සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතනවල සහය ලබා ගනිමින් සෞඛ්‍ය අංශ සමග එක්ව සෞඛ්‍යාරක්ෂිතව ජන්දය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් ජන්ද දායකයින් දැනුවත් කිරිමට බලාපොරොත්තු වෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.
ජන්ද පත්‍රිකා ගණන් කිරිම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ද ක්‍රමවේද 02ක් ගැන අවධානය යොමුව ඇති බව සභාපතිවරයා කියා සිටියා.
699 Views
Comments