MCC ගිවිසුම කෑලි කෑලි කෑලිවලට ඉරා දමන්න සහය දෙනවා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
28

MCC ගිවිසුම කෑලි කෑලි කෑලිවලට ඉරා දමන්න සහය දෙනවා

MCC ගිවිසුම කෑලි කෑලි කෑලිවලට ඉරා දමන්න සහය දෙනවා

MCC ගිවිසුම ඇතුළු රටට අහිතකර සියලු ගිවිසුම් අහෝසි කිරීමට තමන් සහය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.අනුරාධපුරයේ පැවති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

 


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

 


"මේ රටේ අතිමහත් බහුතරය පුන පුනාම කිව්වා, රටට අහිතකර ගිවිසුම් අත්සන් කරන්න එපා කියලා.
මගේ මැතිවරණ ව්‍යාපාරයේම මේ ගිවිසුම ගෙනල්ලා ගැහුවා.

 


ඒ තරම්ම දක්ෂ අන්දමින් මගේ මැතිවරණ ව්‍යාපාරයට උදවු කරන කණ්ඩායමකුත් හිටියා.
රටට කියනකොට රටට අහිතකර ගිවිසුම් එපා කියලා, ජනතා හඬට මුල් තැන නොදී දරදඩුකම ඉස්මතු වුණා.

 


අවසානයේ අපිව කෙලින්ම දේශද්‍රෝහීන්ගේ ගොඩට දැම්මා මේ එම් සී සී ගිවිසුම නිසා..
මම යෝජිත විපක්ෂනායකවරයා විදිහට එම් සී සී ඇතුළු ගිවිසුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි සෑය ඉදිරිපිට කෑලි කෑලිවලට ඉරලා දාන්න සහයෝගය දෙනවා."

 

views

756 Views

Comments

arrow-up