MAR
17
දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

මීරිගම පොලිස් වසමේ විල්වත්ත හා අඹේපුස්ස දුම්රිය ස්ථාන අතරදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
මරණකරු ඊයේ (16) උදෑසන කොළඹ සිට රඹුක්න බලා ධාවනය වූ දුම්රියේ ගැටී ඇත.
එලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 62ක් පමණ වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
235 Views
Comments