මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවූ ඉන්දීය ධීවරයින් 23ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පේදුරුතුඩුව සහ කන්කසන්තුරේ මුහුදු සීමාවේදී ඊයේ රාත්‍රී අදාළ ධීවරයින් අත්අඩංගුවට ගත් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
එහිදී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුනක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා කන්කසන්තුරේ ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව පැවසීය.
201 Views
Comments