කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී ප්‍රපාතයකට ඇද වැටුණු සරසවි සිසුවාව හමුදාව බේරා ගනී

කෑගල්ල අලගල්ල කන්දේ කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී ප්‍රපාතයකට ඇද වැටුණු වයඹ සරසවි සිසුවෙක් කිලෝමීටර් දෙකහමාරක් පමණ කන්ද මුදුනට නැග නිරුපද්‍රිතව බේරාගත් බව යුද හමුදාව පවසයි.
මෙසේ බේරාගෙන ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ඔරින්ටන් අංඩ්‍රාඩෝ නැමැති වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලබන සිසුවෙකි.
එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකු එක්ව කෑගල්ල අලගල්ල කන්දේ කදවුරු බැද තිබූ අතර ඔවුන් ඊයේ (10) උදෑසන නැවත කන්දෙන් පහළට පැමිනෙන අවස්ථාවේදී එක් සිසුවකු ගලක් දිගේ බැසීමට යාමේදී අඩි 10 ක් පමණ ප්‍රපාතයට වැටී තිබුණි.
238 Views
Comments