උපාධිධාරීන්ගේ 20000 දීමනාව නවතයි - කැබිනට් ප්‍රකාශක
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

උපාධිධාරීන්ගේ 20000 දීමනාව නවතයි - කැබිනට් ප්‍රකාශක

උපාධිධාරීන්ගේ 20000 දීමනාව නවතයි - කැබිනට් ප්‍රකාශක

නව රැකියාලාභී උපාධිධාරීන්ට රුපියල් 20,000ක දීමනාවක් ලබාදීමට මීට පෙර රජය තීරණය කර තිබුණු නමුත් මැතිවරණ නීතියට ගරු කරමින් එම දීමනාව නොගෙවා සිටීමට කැබිනට් මණ්ඩලය මේ සතියේදී තීන්දු කළ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. 

 

"අතිගරු ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් තීරණය කළා අර සහන පැකේජය යටතේ රුපියල් 20000 බැගින් ගෙවන්න කියලා උපාධිධාරී අභ්‍යාසලාභී සියලු දෙනාට. දැන් දැනගන්න ලැබිලා තියෙන ක්‍රමය අනුව මැතිවරණ කොමිසම විසින් මැතිවරණය අවසන් වනතෙක් එවැනි දීමනාවක් ගෙවන්නට නොහැකි බව ලිඛිතව දැනුම් දීලා තියෙනවා. 

 

නීතියට ගරු කරන රජයක් ලෙස අපට මේ මැතිවරණ කොමිසමේ නියමය පිළිබඳ නොසලකා හැර රුපියල් 20000 දීමනාව ගෙවන්න නොහැකි වන බව කණගාටුවෙන් වුණත් දැනුම් දෙන්න අවශ්‍යයයි. දැන් මේ අලුත් තත්වය පිළිබඳ ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

 

කෙසේවෙතත් ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුවක් වශයෙන් උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා මාස තුන හමාරක පමණ කාලයක් තිබියදීත් ආණ්ඩුව වුවමනාවෙන්ම තමන් රැවටීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය දක්වාම මෙම පත්වීම් ලබාදීම ප්‍රමාද කළ බවටයි උපාධිධාරීන් චෝදනා කරන්නේ. 

views

723 Views

Comments

arrow-up