FEB
25
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක ජල කප්පාදුවක්

ජාඇල සහ කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශ, ඒකල, කඳාන, ආනියාකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම, සහ බෝපිටිය යන ප්‍රදේශවලට හෙට (26) උදේ 9.00 සිට අනිද්දා (27) උදේ 3.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මණ්ඩලයට අයත් කැලණිය ප්‍රාදේශයේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.
710 Views
Comments