ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්වයේ සහ අකුණුවල වැඩි වීමක් - අවධානයෙන් පසුවන ලෙස උපදෙස්

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේහෝ රාත්‍රි කාලයේ වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක පවතී.
අද දිනයේ දී, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යමසහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.
නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී ත් වැසි ඇතිවිය හැක.
මධ්‍යම, සබරගමුවසහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ගාල්ල සිට හම්බන්තොට හරහාමඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමාඑයි. සුළගේවේගයපැ.කි.මී. (20-30) පමණවේ. හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
798 Views
Comments