පළාත් කිහිපයකට සුලු වැසි තත්වයක් සහ උදෑසන අධික මීදුම සහිත කාලගුණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

පළාත් කිහිපයකට සුලු වැසි තත්වයක් සහ උදෑසන අධික මීදුම සහිත කාලගුණයක්

පළාත් කිහිපයකට සුලු වැසි තත්වයක් සහ උදෑසන අධික මීදුම සහිත කාලගුණයක්

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.

 

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි.

 

සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

 

සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

 

views

772 Views

Comments

arrow-up