රන්ජන්ට එරෙහිව නඩු දෙකක් ඇමති මහින්දානන්ද ඉල්ලා අස්කර ගන්න සැරසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

රන්ජන්ට එරෙහිව නඩු දෙකක් ඇමති මහින්දානන්ද ඉල්ලා අස්කර ගන්න සැරසෙයි

රන්ජන්ට එරෙහිව  නඩු දෙකක් ඇමති මහින්දානන්ද ඉල්ලා අස්කර ගන්න සැරසෙයි

තමා විසින් රන්ජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබෙන නඩු දෙක ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා.

 

රන්ජන් රාමනායක මහතාගේ නිරෝධායන ක‍්‍රියාවලිය අවසන් වීමෙන් පසු ඔහුට විරුද්ධව දමා තිබෙන නඩු දෙක ඉල්ලා අස්කර ගන්නා බව ඇමැතිවරයා සඳහන් කළේ.

 

පසුගිය යහපාලන ආණ්ඩුව තමාගෙන් දේශපාලන පළිගැනීම් කළත් තමන් ඒ ආකාරයෙන් පළිගැනීම් නොකරන බව පැවැසූ ඇමැතිවරයා, මෙය රන්ජන් රාමනායක තනියම කළ දෙයක් නොවන බවත් පැවැති යහපාලන රජයේ හිටපු අගමැති ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම වගකිව යුතු දෙයක් බවයි පැවසුවේ.

 

රන්ජන් රාමනායක මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අධිකරණ විනිශ්චයකාරවරුන් හෑල්ලූවට ලක්කළ බවත්, කොන්ත‍්‍රාත් කරන්න ගිය රන්ජන් රාමනායකට මේ ඉරණම අත්වුණු බවයි ඇමතිවරයා පැවසුවේ.

 

 

views

582 Views

Comments

arrow-up