බදුල්ලේදී බස් - ත්‍රීරෝද ගැටී සිදුවූ අනතුරින් අයෙක් මරුට - හතරකට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

බදුල්ලේදී බස් - ත්‍රීරෝද ගැටී සිදුවූ අනතුරින් අයෙක් මරුට - හතරකට තුවාල

බදුල්ලේදී බස් - ත්‍රීරෝද ගැටී සිදුවූ අනතුරින් අයෙක් මරුට - හතරකට තුවාල

දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දෙහිඅත්තකණ්ඩිය ‍ඩිපෝවට අයත් ලංගම බස්රථයක් හා ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක් බදුල්ල පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ.

 

අද (10) පෙරවරු 10ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

 

ඉන් ත්‍රීරෝද රථයේ ගමන්කළ එක් අයෙක් මියගොස් සිවු දෙනෙකු බපරතළ තුවාල ලැබූ බව බදුල්ල පොලීසිය පැවසීය.

 

මියගොස් ඇත්තේ වෙල්ලදුරගේ ජේමිස් නමැති 79 හැවිරිදි පුද්ගලයෙකි.


 
අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පිහිටි වංගුවේ ජලනල නඩත්තුවක් සඳහා එක් මංතීරුවක් අවහිරකර තිබීම නිසා මෙවැනි අනතුරු සිදුවන බව ප්‍රදේශවාසීන් පවසයි.

views

241 Views

Comments

arrow-up