අවුරුදු ගීතය විකෘති කළ අයට අධිකරණයෙන් නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

අවුරුදු ගීතය විකෘති කළ අයට අධිකරණයෙන් නියෝගයක්

අවුරුදු ගීතය විකෘති කළ අයට අධිකරණයෙන් නියෝගයක්

අවුරුදු ගීතයක් විකෘති කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

 

රන්වල බළකාය සමග ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගයනු ලබන අවුරුදු ගීතයක් විකෘති කිරීම සම්බන්ධයෙන් එම සැකකරුට චෝදනා එල්ලවිය.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙකි.

 

සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

250 Views

Comments

arrow-up