උපකාරක පන්ති ආරම්භ කළයුතු දිනය සංශෝධනය වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

උපකාරක පන්ති ආරම්භ කළයුතු දිනය සංශෝධනය වෙයි

උපකාරක පන්ති ආරම්භ කළයුතු දිනය සංශෝධනය වෙයි

සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උපකාරක පන්ති ආරම්භ කළයුතු දිනය ජුනි මස 15 වන සඳුදා දිනය නොව ජුනි 29 ලෙසින් සංශෝධනය වියයුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරනවා.

 

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ උපරිම සිසුන් 100 ක සීමාවකට යටත්ව උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දී ඇති බවයි.

 

නමුත්, සිසුන් 100 දෙනෙකුට හෝ අදාල ශාලාව තුළ ඉගැන්වීමට පහසුකම් නොමැති ස්ථානවල සාමාන්‍යයෙන් එම ස්ථානයේ උපකාරක පන්තියට සහභාගි වන සිසුන් සංඛ්‍යාවෙන් අඩක් පමණක් සහභාගි කර ගැනීමට අවසර ලබා දෙන බව ද, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

 

මෙම සියලු අවසරයන් ලබාදී ඇත්තේ කොවිඞ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්වයි.

 

views

691 Views

Comments

arrow-up