පරීක්ෂණ අවසන් කළ මහර රැඳවියන් 4කගේ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට නියෝග
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

පරීක්ෂණ අවසන් කළ මහර රැඳවියන් 4කගේ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට නියෝග

පරීක්ෂණ අවසන් කළ මහර රැඳවියන් 4කගේ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට නියෝග

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් හතර දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ පංච පුද්ගල විශේෂඥ කමිටු වාර්තාව ද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලා.

 

ඒ පිළිබඳව සලකා බැලූ වත්තල හේස්ත්‍රාත්වරයා නියෝග කළේ පශ්චාත් මරණ පරීක්ෂණ දැනට අවසන් කළ මෘතදේහ 4 යලි අපරාධ විමර්ශන කටයුතු සඳහා තබා ගැනීම අවශ්‍ය නොවන බවයි.

 

ඒ අනුව එම මෘතදේහය 4 රජයේ වියදමින් ආදාහනය කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

 

මෙම රැඳවියන් හතර දෙනාගේ සිරුරු භූමදානය කිරීම සඳහා ඥාතීන් වෙත භාර දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණ ද එයට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය විරෝධය පළ කර තිබුණා.

 

ඉන් අනතුරුවයි මීට ටික වේලාවකට පෙර හේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී තිබෙන්නේ.

 

 

 

views

664 Views

Comments

arrow-up