තවත් කොවිඩ් ආසාදිතයන් 359 ක් - දෙවැනි රැල්ලේ නව පොකුර 26,000 ඉක්මවයි

මෙරටින් තවත් කොවිඩ් වෛරස් ආසාදිතයින් 359ක් හදුනාගෙන තිබෙනවා. ඒ් අතරින් 316 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්. අනෙක් ආසාදිතයින් 43දෙනා බන්ධනාගාර ආශ්‍රිතව හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ් පොකුර 26,181 ක් ලෙස වාර්තා වනවා.
මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 21,800 දක්වා ඉහළ ගියා. මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 7795 ක් වනවා.
දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 142 ක්.
792 Views
Comments