මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව සෙවීමට පත්කළ ත්‍රිපුද්ගල කොමිසමේ වගකීම

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපතිවරයා විසින් ත්‍රිපුද්ගල පරික්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා.
පසුගිය විසි වනදා සිට කොමිෂන් සභාව ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙන්නේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු AHM නවාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට විශ්‍රාම පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරුන් ද ඇතුළත් වනවා.
මීට පෙර පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් වලින් කරන ලද විමර්ශන වලින් අනාවරණය කර ඇති කරුණු අධ්‍යයනය කර ජාත්‍යන්තර මානුෂීය නීති කඩකිරීම් හෝ වෙනත් වරදවල් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයා බැලීම සහ වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුකූලව තවදුරටත් ක්‍රියාත්මක නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් නිර්දේශයන් ඉදිරිපත් කිරීමේ වගකීම කොමිසමට පැවරී තිබෙනවා.
අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (21) ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා පරීක්ෂණ කොමිෂමේ සභාපති ධූරයට නම් කරනු ලැබ සිටී.
විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.
කොමිෂමට පැවරී ඇති කාර්යයන් මෙසේය :
- මානව හිමිකම් උල්ලංඝණය කිරීම් විමර්ශණය පිණිස කලින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, බරපතල ගණයේ අන්තර්ජාතික මානූෂීය නීති කඩ කිරීම් සහ වෙනත් එවැනි බරපතල වැරදි අනාවරණය කරගෙන තිබේදැයි සොයා බැලීම.
- එකී පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් අනාවරණය කරගත් මානව හිමිකම් සහ මානුෂීය නීති කඩකිරීම් සහ වෙනත් එවැනි වැරදි සම්බන්ධ තොරතුරු කවරේදැයි හඳුනා ගැනීම සහ ඒ මත පදනම්ව ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කොට තිබේදැයි සොයා බැලීම.
- එකී නිර්දේශ අරභයා පවත්නා නීතිය ප්‍රකාරව මෙතෙක් ක්‍රියාකර ඇති ආකාරය හා වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ගතයුතු පියවර නිශ්චය කිරීම.
- පළමුවැනි සහ දෙවැනි ඡේදවලට අනුකූලව අවශ්‍ය පියවර ගනිමින් තිබේදැයි අධීක්ෂණය.
- අවශ්‍ය විමර්ශණ සහ පරීක්ෂණ කිරීමටත් අවශ්‍ය පරිදි ජනාධිපතිතුමා වෙත අතුරු වාර්තා ඉදිරිපත් කිරීමටත් කොමිෂමට බලය ඇත.
- එමෙන්ම කොමිෂම දැනුම් දෙන විට අවශ්‍ය සහය සහ තොරතුරු සැපයීමට රාජ්‍ය අංශයේ අදාළ සියලු නිලධාරීනට නියම කරනු ලැබේ. අවසන් වාර්තාව කොමිෂම පත් කළ දින සිට මාස 06 ක් ඇතුළත ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුය.
633 Views
Comments