තරුණයන් හොර පාරෙන් රුමේනියාවට යවන්න හැදූ සැකකරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

තරුණයන් හොර පාරෙන් රුමේනියාවට යවන්න හැදූ සැකකරු අත්අඩංගුවට

තරුණයන් හොර පාරෙන් රුමේනියාවට යවන්න හැදූ සැකකරු අත්අඩංගුවට

කූට ලේඛන හා නිල මුද්‍රා ව්‍යාජ අයුරින් භාවිතා කරමින් තරුණයන් පිරිසක් රුමේනියාවේ රැකියා සඳහා යැවීමට උත්සාහ කළ පුද්ගලයකු රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටයුතු කර තිබේ.

 

ඉකුත් 24දා කිලිනොච්චිය ප්‍රදේශයේ රැකියා නියෝජිතායතනයක් මාර්ගයෙන්, රුමේනියාවේ රැකියා සඳහා යෑමට පැමිණි තරුණයන් පස් දෙනකුගේ ලේඛන පරීක්ෂා කිරීමේදී ඔවුන් පිළිබඳ සැක සිතු කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් සමග පැමිණි ඒජන්සි ආයතනයේ නියෝජිතයා රඳවාගෙන ප්‍රශ්න කරන ලදී.

 

එහිදී එම රැකියා නියෝජිතායතනය නීති විරෝධී ආයතනයක් බවට අනාවරණය වී තිබේ. එබැවින් විදේශ ගතවීමට පැමිණි තරුණයන්ගේ කාර්යාංශ ලියාපදිංචිය ඇතුළු ලේඛනද නිලධාරීන් විසින් දැඩිව පරීක්ෂා කර ඇති අතර එහිදි කාර්යාංශයේ ආරක්ෂිත මුද්දර හා නිල මුද්‍රා ව්‍යාජ අයුරින් උපයෝගි කරගෙන ඇති බවද හෙළි වී ඇත. එසේම නිලධාරීන් වෙත ඉදිරිපත් කළ රුමේනියා වීසාද ව්‍යාජ වීසා බවට කරුණු අනාවරණය වී තිබේ.

 

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලද අතර ඔහුට සහාය වූ තවත් පුද්ගලයකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

views

256 Views

Comments

arrow-up