නාවුක හා ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායකයි - අවධානයෙන් කටයුතු කරන්න
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

නාවුක හා ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායකයි - අවධානයෙන් කටයුතු කරන්න

නාවුක හා ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායකයි  -  අවධානයෙන් කටයුතු කරන්න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක. දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී (50-60) පමණ තද සුළං ඇතිවිය හැක.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලමසිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක වන අතර ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ වලතැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (35-45) පමණ වේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලමසිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක.

කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ පුත්තලමසිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුහෝ ඉතා රළු විය හැක.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ.

 

views

713 Views

Comments

arrow-up