කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් වෙයි - මේ දේවල් කරන්න බෑ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් වෙයි - මේ දේවල් කරන්න බෑ

කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් වෙයි - මේ දේවල් කරන්න බෑ

වත්මන් කොවිඩ් 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සමාජය තුළ පැවැත්වෙන විවිධ උත්සව සහ මහජන ඒකරාශීවීම් පාලනය කිරිමේ නියෝගයන් යළි යාවත්කාලීන කිරිමට පියවර ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් යාවත්කාලීන කරුණු අනුව මෙය මෙම මස 31 වෙනිදා දක්වා බලපැවැත්වේ.

ඒ අනුව සරසවි / උසස් අධ්‍යාපන ආයතන, සිනමා / රංග ශාලා, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු තැබීමේ මධ්‍යස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන, කාමරය කුලියට ලබා දෙන ස්ථාන, මත්පැන් ආදි සේවා සපයනු ලබන රෙස්ටූරන්ට් ආදිය වසා තැබීමට උපදෙස් ලබාදී ඇත.

කෙසේවෙතත් සුරාසැල් වසා දැමීමක් සිදුව නැත.

ආපනශාලා විවෘතව තැබීමට අවසර හිමිවන අතර පවතින ඉඩ ප්‍රමාණය අනුව එක් අවස්ථාවක් තුළ අසුන් ගත හැක්කේ සියයට 50 ක පිරිසකට පමණි.

කායවර්ධන මධ්‍යස්ථාන, පිහිණුම් තඨාකයන්, ළමා උද්‍යාන සඳහා එකවර ඇතුල්වීම හෝ භාවිතා කළ හැක්කේ පවතින ඉඩ ප්‍රමාණය අනුව ඉන් සියයට 50ක ධාරිතාවයකට පමණි.

බෝඩින් කාමර පවත්වාගෙන යෑමට අවසරය ඇති අතර කිසිදු නව සාමාජිකයෙකු ඊට ඇතුලත් කර ගැනීමට අවසරය හිමි නොවේ.

මංගල උත්සව පැවැත්වීමේදී ඒ සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් පෙර දැනුවත් කිරිම සහ ඉඩ ප්‍රමාණයෙන් සීයයට 50 ක පිරිසක් පමණක් සහභාගී කරවා ගත යුතුවේ.

 

views

1150 Views

Comments

arrow-up