අද ජනතාවට කන්න සල්ලි නැතිව පෑගිලා මැරෙනවා.. 69 ලක්‍ෂයේ ජනාධිපතිට අද ජනතාව බලාගන්න බෑ..
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

අද ජනතාවට කන්න සල්ලි නැතිව පෑගිලා මැරෙනවා.. 69 ලක්‍ෂයේ ජනාධිපතිට අද ජනතාව බලාගන්න බෑ..

අද ජනතාවට කන්න සල්ලි නැතිව පෑගිලා මැරෙනවා.. 69 ලක්‍ෂයේ ජනාධිපතිට අද ජනතාව බලාගන්න බෑ..

අද ජනතාවට ජීවත්වීමට මුදල් නොමැති නිසා රුපියල් 1,500 ක ආධාරයක් ලබා ගැනීමට ගිය කාන්තාවන් තිදෙනෙකු පෑගී මියගිය බව සමගි ජනබලවේගයේ අපේක්ෂිකා හිටපු ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය චෝදනා කරයි.

 

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා මේ දක්වා මාස දෙකකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත් ලබාදී ඇති ආධාර ලෙස ලබා දී ඇත්තේ රුපියල් 5000ක මුදලක් පමණක් යයිද ඇය පැවසීය.

 

එය දිනකට රුපියල් 84 ක පමණ සුළු මුදලක් බවත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද පැවසූ ඇය මෙවන් තත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට වත්මන් රජයට නොහැකි වී ඇති බවද චෝදනා කලාය.

 

තත්වය මෙසේ තිබියදී රජය විසින් කඩිමුඩියේ අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා විශාල ණය මුදල් අනුමත කර ගැනීමට යන බවද ඇය කියා සිටියාය.

 

මෙරට 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දී පත් කරගත් ජනාධිපතිවරයාට අද මෙරට ජනතාව බලා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඇය පැවසුවාය.

 

අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු ඇමැතිවරයා මේ අදහස් පල කරන ලදී.

views

939 Views

Comments

arrow-up