”ළමා ගැබ් ගැනීම් වැඩිවෙලා, ගැබ් ගත්ත පොඩිම දරුවාගේ වයස අවුරුදු 11යි”
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

”ළමා ගැබ් ගැනීම් වැඩිවෙලා, ගැබ් ගත්ත පොඩිම දරුවාගේ වයස අවුරුදු 11යි”

”ළමා ගැබ් ගැනීම් වැඩිවෙලා, ගැබ් ගත්ත පොඩිම දරුවාගේ වයස අවුරුදු 11යි”

වර්තමානය වනවිට ළමා පරපුර දැඩි අභියෝගයකට මුහුණ දී සිටින බව රාජ්‍ය අමාත්‍ය පියල්  නිශාන්ත මහතා පවසයි.

 

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කර්යාලයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

 

අද වෙනකොට ළමා අපයෝජන සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා. ඊට පස්සේ ළමා හිංසනය වැඩිවෙලා, ළමා ගැබ් ගැනීම් වැඩිවෙලා, ගැබ් ගත්ත පොඩිම දරුවගේ වසය අවුරුදු 11” බව අමාත්‍යවරයා පවසනවා

 

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම අභියෝග සඳහා විසඳුම් ලබා දීම අත්‍යවශ්‍ය බවයි.

 

ළමා නිවාස තුළ දී දරු දැරියන්ට මුහුණ දීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් ද ඒ මහතා අවධානය යොමු කළේය.

 

ඒවැනි ස්ථාන පවත්වාගෙන යෑමට ලබා දෙන මූල්‍ය පහසුකම් අවම වීම හේතුවෙන්, තුන්වැනි පාර්ශවයේ උපකාර ලබා ගැනීම ද ගැටලු ඇති කරන්නක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

මේ වනවිට ළමා අපයෝජනය, ළමා හිංසනය හා ළමා ගැබ් ගැනීම වැඩිවීම ඉහළ ගොස් ඇති බවත්, ඒසේම වීදී දරැවන්ගේ හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ලබා දෙන අවධානය සම්බන්ධයෙන් ද සෑහීමට පත් නොවන බව ඔහු ප්‍රකාශ කළේය.

views

750 Views

Comments

arrow-up