කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති හිමිනම ඝාතනයට සැකපිට 4 දෙනෙකු අත්අඩංගුවට

හංවැල්ල, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති හිමිනම පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා
මිරිහාන විශේෂ විමර්ශන ඒකකය සහ හංවැල්ල පොලීසිය විසින් සිදු කළ විමර්ශනයේදී ඊයේ (06) දිනයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා
මේ වනවිට සිද්ධියට අදාළව කාන්තාවක් ඇතුලු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් සිව් දෙනෙකු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටපෙර අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් තුන්දෙනා සහ සැකකාරිය හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
768 Views
Comments