සංචාරකයින් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරේ

සංචාරකයින් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහත නිකුත් කොට තිබෙනවා.
එම මාර්ගෝපදේශ අනුව මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් තමන් ගේ ගුවන් යානයට ගොඩ විමට පැය 96 කට පෙර PCR පරීක්ෂණයක් සිදුකර කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර තිබීම අනිවාර්ය කොට ඇත.
මෙරටට පැමිණීමෙන් පසු ගුවන් තොටුපොළේ දී යලිත් වරක් PCR පරීක්ෂණයකට ලක්කෙරෙන අතර ඔවුන් සහතික කරන ලද හෝටලයක දින 14 ක කාලයක් නවාතැන් ගැනීමට ඔවුන්ට හැකිය.
මෙරටට පැමිණීමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයේ දී ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වුවහොත් ඔවුන්ට ආරක්‍ෂිත බුබුලක් ලෙස වෙනත් හෝටල් කරා යෑමට අවසරය හිමිවේ.
624 Views
Comments