අවුරුදු 12 ඉක්මවූ ළමයින්ට මුඛ ආවරණ පැඳීම අවශ්‍යයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

අවුරුදු 12 ඉක්මවූ ළමයින්ට මුඛ ආවරණ පැඳීම අවශ්‍යයි

අවුරුදු 12 ඉක්මවූ ළමයින්ට මුඛ ආවරණ පැඳීම අවශ්‍යයි

වයස අවුරුදු 12 ඉක්මවූ ළමයින් මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

 

කොවිඩ් 19 ගෝලීය වසංගතයට එරෙහි නවතම පියවර ප්‍රකාශයට පත් කරමින් මේ බව කියා සිටියේ එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් විසින්.

 

ළමයින් වෙතින් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් තහවුරු වී නැතත් ඒ සඳහා සාධක පවතින බව වෛද්‍ය විශේෂඥයන්ගේ අදහසයි.

 

වැඩිහිටියන්ගෙන් මෙන්ම ළමයින්ගෙන් ද වෛරසය එකිනෙකා අතර සම්ප්‍රේෂණය වීමේ හැකියාව නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙලෙස වයස අවුරුදු 12 ඉක්මවූ ළමයින්ට මුඛ ආවරණ පැළඳීම නිර්දේශ කිරීමට හේතුව බවයි වාර්තා වන්නේ.

 

views

858 Views

Comments

arrow-up