තෛපොංගල් දිනය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

තෛපොංගල් දිනය අදයි

තෛපොංගල් දිනය අදයි

හින්දු බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබෙනවා.

 

කෘෂිකාර්මික ජීවිතය හා බැදුණු ජනයා අස්වනු නෙලන අවස්ථාවේ සිට සමරන තෛපොංගල් උත්සවයෙන් තමන්ට උපකාර කළ සුර්යයා, වර්ෂාව සහ ගොවි සතුන්ට කෘතවේදීත්වය පළ කරනු ලබනවා.

 

හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ පළමු මාසය, තෛ යනුවෙන් හැඳින්වෙන අතර පොංගල් යන්නෙහි අර්ථය උදාව යන්නයි.

 

ඒ අනුව නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැඳින්වෙනවා.

 

නෙළාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පූජා කිරීම මෙහි සුවිශේෂී කාර්යයක්.

 

එමෙන්ම කෘෂිකර්මාන්තය වෙනුවෙන් සහය වන ගවයාටද තෛපොංගල් දිනයේදී ප්‍රමුඛ ස්ථානයක් හිමිවනවා.

views

1027 Views

Comments

arrow-up