මහර මියගිය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ සිරුරු ගැන තීන්දුව තවත් කල්යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

මහර මියගිය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ සිරුරු ගැන තීන්දුව තවත් කල්යයි

මහර මියගිය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ සිරුරු ගැන තීන්දුව තවත් කල්යයි

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන්ගේ කොවිඩ් ආසාදිත සිරුරු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම තවදුරටත් කල් ගොස් තිබෙනවා.

 

වත්තල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ නඩුව අද කැඳවු අතර නඩුව විභාග කිරීම ලබන 11 වැනිදා දක්වා කල් තැබුවා.

 

මියගිය රැඳවියන් අට දෙනෙකුගේ සිරුරු කොවිඩ් ආසාදිත බව පසුව කළ PCR මගින්ද තහවුරු කරගෙන තිබෙනවා.

 

එහෙත් නිරෝධායන නීතීන්ට අනුව දේහයන් පිළිස්සීම වළකින්නැයි ඉල්ලා සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව අධිකරණය හමුවට ගොස් ඇත.

 

මේ අතර රැඳවියන්ගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය නිමාවන තෙක් ආදාහනය නොකරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ලිඛිතව දැනුම්දී තිබෙනවා.

 

 

 

views

645 Views

Comments

arrow-up