වඩේ සහ ප්ලේන්ටියෙන් විදේශිකයාව සූරන් කෑ මුදලාලිට වැඩ වැරදුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

වඩේ සහ ප්ලේන්ටියෙන් විදේශිකයාව සූරන් කෑ මුදලාලිට වැඩ වැරදුණු හැටි

වඩේ සහ ප්ලේන්ටියෙන් විදේශිකයාව සූරන් කෑ මුදලාලිට වැඩ වැරදුණු හැටි

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ අනුව ඊයේ(18) දිනයේ මොරගල්ල සංචාරක පොලීසිය වෙත විද්‍යුත් පණිවුඩයක් මගින් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි වියේ පසුවන කළුතර පළාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකරු එම වෙළෙඳසැල අවට සිටින අයෙකු බවය.

 

ඔහු නිරන්තරයෙන් මෙලෙස එම වෙළඳසැල වෙත පැමිණෙන විදේශිකයින් රවටා මුදල් ලබාගන්නා බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකරු අද (19) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සහ මොරගල්ල සංචාරක පොලීසිය පැමිණ වෙළෙඳසැල් හිමියාගෙන් මෙම සිදුවීම පිළිබඳව අද ප්‍රශ්න කර ඇති අතර ඔහුට ද එහිදී දැඩිලෙස අවවාද කර තිබුණි.

views

73 Views

Comments

arrow-up