ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ; නිදහස් දිනය වර්ජනය කරනවා - දෙමළ ජාතික සන්ධානය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ; නිදහස් දිනය වර්ජනය කරනවා - දෙමළ ජාතික සන්ධානය

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ; නිදහස් දිනය වර්ජනය කරනවා - දෙමළ ජාතික සන්ධානය

ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය සහ නිදහස් දින සැමරුම් උළෙල වර්ජනය කරන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා පවසනවා.

 

ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඉටුකිරීම අමතක කර ඇති බවයි ඒ මහතා චෝදනා කරන්නේ.

 

දෙමළ ජාතික සන්ධානය අද වවුනියාවේ දී පැවති පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම කින් අනතුරුව සුමන්තිරන් මහතා මේ බව කියා සිටියා.

 

"ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ. නමුත් පසුගිය ආණ්ඩුව කාලයෙදි ලබාදුන් පොරොන්දු නිසා ජාතික නිදහස් දින සැමරුමට මමත් සම්බන්ධන් මහත්තයත් සහභාගි වුණා. එහෙත් එම ආණ්ඩුවත් අපට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම අමතක කළා. එබැවින් මෙවරත් අප ජාතික නිදහස් දිනය වර්ජනය කරනවා. ඒ වගේම තමිල් අරසු පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමෙදී උතුරු නැගෙනහිර දෙමල ජනතාවගේ ගැටළු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතන දෙමළ ජනතාවේ ඉඩම් අත්පත් කර ගැනීම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හින්දු ආගමික සිද්ධස්ථාන වෙනස් කිරීමට දරණ තැන සම්බන්ධයෙන් සමාලෝචනයක් කළා. මෙම තත්තවයට විරෝධය පළ කර සිවිල් සංවිධාන විසින් ඉදිරි දින කිහිපයේ පොතුවිල් සිට පොලිකණ්ඩි දක්වා විරෝධතාවක් සංවිධාන කර ඇති අතර ඊට පක්ෂක් සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා."

views

923 Views

Comments

arrow-up