හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද CIDයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමා දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා මහනුවර ප්‍රදේශයේදී ප්‍රකාශයක් සිදුකර තිබිණි.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදෙනු ලැබීය.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද පෙරවරු 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව සඳහන්ය.
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා අසත්‍ය තොරතුරු පළ කළ බව මහාචාර්ය අශු මාරසිංහ මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට නීතිමය වගකීමක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේය.
247 Views
Comments