නිරෝධායනයේ සිටින දියණිය රැගෙන මහාචාර්ය හූල් මැතිවරණ කොමිසමට ඇවිත්.. සේවක විරෝධය මැද ගෙදර යයි

කොරෝනා වෛරස රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නිවසේ දින 14ක් නිරෝධායනයට ලක්ව සිටීමට නියමව සිටින සිය දියණිය ද සමග මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඊයේ (19)සහ පෙරේදා (18දා) රාජගිරිය පිහිටි මැතිවරණ කොමිසමට පැමිණ තිබෙනවා.
විදේශගතව සිට ශ‍්‍රී ලංකාවට පැමිණි එම දියණිය හෝටලයක දින 14ක් නිරෝධායනයට ලක්වීමෙන් පසු තව දින 14ක් නිවසේ නිරෝධායනයට ලක්වීමේ අවසරය මත පෙරේදා ඉන් ඉවත්ව තිබුණා.
චෙම්මිනි පාර, නල්ලූර්, යාපනය යන ලිපිනය දරන නිවසට ඇය රැගෙන යනු වෙනුවට මහාචාර්ය හූල් සිය දියණිය සමග යාපනය මැතිවරණ කාර්යාලයට අයත් වාහනයකින් මෙසේ දින දෙකක් මැතිවරණ කොමිසමට පැමිණ සිටියා.
මේ සම්බන්ධව තොරතු දැනගත් වහාම මැතිවරණ කොමිසමේ කාර්ය මණ්ඩලය විරෝධය පා ඇති අතර එහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඔවුන් මැතිවරණ කොමිසමෙන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.
එසේම අද(20) පැවැත්වෙන මැතිවරණ කොමිසමේ රැස්වීමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වන ලෙස මහාචාර්ය හූල්ට දැනුම්දුන් බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
– divaina
968 Views
Comments