බලය බෙදුවොත් ආණ්ඩුවට සහය දෙන්න සුමන්තිරන් සූදානමින්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා බලය බෙදීමක් සිදුකළහොත් වත්මන් ආණ්ඩුවට සිය සහාය හිමිවන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණි.
ඒ අග්‍රාමාත්‍යවරයාගේ කොළඹ විජේරාම මාවතේ නිවසේ දී.
මේ අතර සුමන්තිරන් මහතාගේ රුව සහිත ඡායාරූපයක් යොදාගනිමින් යාපනය නල්ලූර් කෝවිල අසල සවි කර තිබූ අනුරුවක් අද යාපනය පොලිසිය විසින් ඉවත් කෙරුණි.
එහි ''මම දෙමළ ජාතියේ ද්‍රෝහියා'' යනුවෙන් පුවරුවක් ද සවි කර තිබූ අතර මීට සම්බන්ධ පිරිස සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
643 Views
Comments