නැදුන්ගමුවේ රාජා හස්තියාගේ මුද්දරය නිකුත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

නැදුන්ගමුවේ රාජා හස්තියාගේ මුද්දරය නිකුත් කෙරේ

නැදුන්ගමුවේ රාජා හස්තියාගේ මුද්දරය නිකුත් කෙරේ

ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියා විසින් සිදු කළ ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා , රුපියල් 15ක්  වටිනා තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරිම අද  (30) පෙරවරුවේ සිදු කෙරුණා.

 

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයේ සංවිධානත්වයෙන් හා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජා හස්තියාගේ  හිමිකරු වන හර්ෂ ධර්මවිජය වෛද්‍යාචාර්ය වරයාගේ නැදුන්ගමුව නිවසේ පැවති  උත්සවයේදි  මෙම  මුල්දින කවරයක් නිකුත් කිරීම සිදුවුණා.

 

සියම් මහානිකායේ  බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක තලංගල්ලේ සෝමසිරි නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් රාජා හස්තියාට සෙත්පතා පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් 2354 වන මුල්දින කවරය නිකුත්කිරීම  ලෙස හස්තියෙකු වෙනුවෙන් නිකුත් වන දෙවන අවස්ථාව වශයෙන්  සුභ මොහොතින් මුද්දරය සහ මුල්දින කවරයක් නිකුත් කිරීම සිදු කෙරිණි. 

 

views

864 Views

Comments

arrow-up