Whatsapp පරිශීලකයන්ට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක්!
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

Whatsapp පරිශීලකයන්ට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක්!

Whatsapp පරිශීලකයන්ට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක්!

වට්ස්ඇප් හරහා වන වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභා විසින් එහි පරිශීලකයාට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

 

වැරදීමකින් ඉලක්කම් හයකින් යුත් කේතයක් එවා ඇති බවට පවසමින් whatsapp හරහා පණිවිඩයක් ලැබුනහොත් කිසිවිටෙකත් එයට ප්‍රතිචාර නොදක්වන ලෙසට විදුලි සංදේශ නියාමන කොමිසම ජනතාවට දැනුම් දෙයි.

 

ඔබට ඔබේ හිතවතෙකුගෙන් එම පණිවිඩය ලැබුණේ නම් එය ඔහුගේ හෝ ඇයගේ අනුදැනුමකින් තොරව සිදුවූවක් විය හැකියි. එම පුද්ගලයාව පුද්ගලිකව සම්බන්ධ කරගෙන ඒ පිළිබඳව දැනුම් දෙන්න.

 

එමෙන්ම whatsapp ගිණුමේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා 2 factor Authentication පහසුකම සක්‍රීය කරගන්නා ලෙස ද කොමිෂන් සභාවේ ඉල්ලා සිටී.

 

 

 

 

 

views

605 Views

Comments

arrow-up