රජය මැදිහත් වීමෙන් එකදු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලයක් හෝ මිලදී ගෙන නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

රජය මැදිහත් වීමෙන් එකදු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලයක් හෝ මිලදී ගෙන නැහැ

රජය මැදිහත් වීමෙන් එකදු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලයක් හෝ මිලදී ගෙන නැහැ

මේ වන තුරුත් රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් එකදු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලයක් හෝ මිලදී ගෙන නැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

 

විපක්ෂය මෙය පටලවාගෙන ඇති බවත් පෞද්ගලික අංශයේ පමණක් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් දැනට මෙරටට ගෙන්වා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා. එහෙත් මෙම කට්ටල භාවිතය සඳහා අවශ්‍ය මාර්ග උපදේශ ලබා දෙන තුරු එය භාවිතා නොකරන ලෙස එම පෞද්ගලික ආයතනයට උපදෙස් දී ඇති බවද කියා සිටියා.

 

විපක්ෂය විසින් සභාව කල්තැබීමේ යෝජනාව අද (13) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර සභාව කල්තැබීමේ යෝජනා විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා වන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල හෙවත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් පෞද්ගලික අංශයට ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කරමින් සිටින බවත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් මෙරටට ගෙන්වීම හොරෙන් සිදු කළ ක්‍රියාවලියක් නොව නිසි ටෙන්ඩර් පටිපාටියකට අනුව සිදු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදරටත් කියා සිටියේ.

 

මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව මෙරටදී සිදු කිරීම පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයෙන් අවසරය ලැබුණු පසු රාජ්‍ය අංශයෙන් මෙය මිලදී ගැනීම සඳහා ඉල්ලීමක් ලැබුණු බවත් ඒ අනුව කට්ටල ලක්ෂ 12 1/2 ඉල්ලුම් කළ නමුත් එම කට්ටල මෙරටට ළඟා වීමට තවත් සති දෙකක පමණ කාලයක් ගත වන වන බව ලෝ සෞඛ්‍ය සංවිධානය සඳහන් කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

එබැවින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ මැදිහත් වීම මත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්දියානු කාර්යාලයෙන් එම කට්ටල ලක්ෂ 02ක් මෙරටට ගෙන්වීමට කටයතු කළ බවත් ,තවත් කට්ටල ලක්ෂ 3ක් ආසියානු සංවර්ධන බැංකුව හරහා ලබා ගැනීමට කටයුතු කළ බවද කීය.

 

එහෙත් එම ප්‍රමාණයද ප්‍රමාණවත් නොවන බැවින් පෞද්ගලික අංශය හරහා නිසි ටෙන්ඩර් පටිපාටියකට අනුකූලව එම කට්ටල මිලදී ගැනීමට තීරණය කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඒ අනුව වෛද්‍ය සැපයුම් අංශය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට මේ පිළිබඳව දැන් වූ බවත් හදිසි මිලදී ගැනීම් යටතේ නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු කළ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වෙබ් අඩවියේ මේ පිළිබඳව දැන්වීම් පළ කළ බවත් පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙය හොරෙන් කළ ක්‍රියාවක් නොවන බවයි.

 

 

views

556 Views

Comments

arrow-up