මුස්ලිම් දේවස්ථානවල ජුම්මා යාඥාව නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

මුස්ලිම් දේවස්ථානවල ජුම්මා යාඥාව නැහැ

මුස්ලිම් දේවස්ථානවල ජුම්මා යාඥාව නැහැ

මුස්ලිම් දේවස්ථානවල ජුම්මා යාඥාව නොපවත්වා ඒ වෙනුවට 25 දෙනෙකු පමණක් සහභාගි කරගෙන ලුහර් සලාතය ඉටු කරන ලෙස සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මුස්ලිම් දේවස්ථානවල භාරකාර මණ්ඩලවලට දන්වා තිබෙනවා.

 

ශ්‍රී ලංකාව තුල මතුව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ආගමික කටයුතු සඳහා එක් රැස්විය හැකි ප්‍රමාණය 25 කට සීමා කර මාර්ගෝපදේශ ලබා දී ඇති බැවින් මෙම තීරණය ගත බවයි එම සංවිධානය පවසන්නේ.

 

සිකුරාදා දිනයේ සාමාන්‍යයෙන් මුස්ලිම් දේවස්ථානයක ජුම්මා යාඥාව ඉටු කිරිම සඳහා එම ප්‍රදේශයේ පදංචි පිරිමි පුද්ගලයින් 40 දෙනෙකුවත් අවම වශයෙන් සහභාගි විය යුතුයි.

 

කෙසේවෙතත් සෞඛ්‍ය අංශවල උපදෙස් හෝ වෙනත් හේතුන් මත 40 දෙනෙකුට සහභාගි විය නොහැකි තත්වයක් උදාවුවහොත් ජුම්මා යාඥාව වෙනුවට ලුහර් සලාතය ඉටු කළයුතු බව ඉස්ලාමයේ නියමය බව සදහන්.

 

ඒ අනුව මේ අවස්ථාවේදීත් එය අනුගමනය කරන ලෙසත් ජමියතුල් උලමා සංවිධානය කියයි.

 

මෙම අවස්ථාවේදී රට තුල මතුව ඇති මෙම වසංගත තත්ත්වය දුරුවී ඉතා ඉක්මනින් රට යථා තත්ත්වයට පත්වන්නට දෙවියන් වහන්සේගෙන් ප්‍රාර්ථනා කරන ලෙසත් ජමියතුල් උලමා සංගමය ඉල්ලා සිටියි.

 

views

610 Views

Comments

arrow-up