රොහා මැරූ සතුටට ලංසියාගේ සොහොනට ඩ්‍රෝන යොදාගෙන මල් ඉසින්න හදලා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

රොහා මැරූ සතුටට ලංසියාගේ සොහොනට ඩ්‍රෝන යොදාගෙන මල් ඉසින්න හදලා

රොහා මැරූ සතුටට ලංසියාගේ සොහොනට ඩ්‍රෝන යොදාගෙන මල් ඉසින්න හදලා

ගොනාකෝවිලේ රොහා නම්වූ කුඩු ජාවාරම්කරුවාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රීතිය පළකිරීම සඳහා ගල්කිස්ස කනත්තේ සාදයක් පැවැත්වීමට සූදානම් වූ සිව් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොනාකෝවිලේ රොහාගේ ප්‍රතිවිරුද්ධ කල්ලි නායකයකු වන, රත්මලාන කුඩු අන්ජුගේ නැඟණිය ඇතුළු සිව් දෙනෙක් බවයි වාර්තා වන්නේ,

මෙම සාදය සඳහා ඩුබායි සිට ලක්ෂ 20 ක මුදලක් එවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළ අතර අත්අඩංගුවට පත් සැකකරුවන් සමඟ සංගීත භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

2016 වසරේ ජූනි මාසයේ මහර අධිකරණය අසලදී ගොනාකෝවිලේ රොහා නමැත්තා විසින් කුඩු අංජු ගේ සහෝදරයා වූ සුරේෂ් අසංක සිල්වා හෙවත් ලංසියා නමැත්තා වෙඩි තබා ඝාතනය කළ බව කියැවේ. ගල්කිස්ස කනත්තේ පිහිටි ඔහුගේ සොහොන අසල මෙම සාදය පැවැත්වීම සඳහා සූදානම් වෙමින් සිටියදී පොලිසිය මගින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

ඩ්‍රෝන යොදා ගනිමින් ලංසියාගේ සොහොනට මල් ඉසීමටද මොවුන් සූදානම්ව සිට තිබෙනවා.

 

views

847 Views

Comments

arrow-up