කිඹුලෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

කිඹුලෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

කිඹුලෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

කතරගම පොලිස් වසමේ මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ.

 

ඊයේ (06) උදෑසන කාලයේදී එම පුද්ගලයා මැණික් ගඟේ 02 පාලම ආසන්නයෙන් දිය නාමින් සිටි අවස්ථාවේ එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ හා වනජීවී නිලධාරීන්ගේ සහාය ඇතිව මෘත දේහය සොයාගෙන තිබේ.

 

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවන පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

220 Views

Comments

arrow-up